ඕකිඩ් වගාවේ මල් පිපෙන්න විශ්මිත රහසක් තියෙනවද?

අපගේ මගපෙන්වීම යටතේ පවත්වාගෙන යනු ලබන මහා පරිමාන ඕකිඩ් වගා පරිශ්‍රයක නිරීක්ෂණ කටයුතු සඳහා අද උදෑසන සම්බන්ධ වී සිටි අතරතුර කන වැටුන දෙදෙනෙකුගේ අදහස් හුවමාරුවක් මෙම සටහන තැබීම සඳහා මා පෙළඹවිය.

ඕකිඩ් පැල මිලදී ගැනීම සඳහා එහි පැමිණ සිටි පුද්ගලයෙකි. ඔහු සමඟ කතා බහේ යෙදෙමින් සිටියේ වගා පරිශ්‍රයේ ප්‍රධාන සේවකයායි.

“මේ පැල වලට මල් පිපෙන්න දාන්නේ මොනවද?”

“අර මන් කියපු ඒවම තමයි. K44 දානවා මාසෙට සැරයක්.”

ඔහු ඔහු දන්නා අත්දැකීම සහ දැනුම අනුව ඔහුගේ පිළිතුර ලබා දුනි. ඊට නුදුරෙන් පැල නිරීක්ෂණයේ යෙදෙමින්ද අවශ්‍ය සටහන් තබමින්ද මම මගේ කටයුත්ත කරගෙන ගියත් ඇසෙන සංවාදයටත් සවන් යොමු කිරීමට සිත ඉඩ දුන්නා..

“ඒක නම් මාත් දානවා. එත් මගේ මල් එන්නේ නැහැනේ. ඔය බොරු.අපිට නොකීවට ඔයාල වෙන මොනව හරි දානවා.”

අමුත්තා සේවකයාගේ පිළිතුර පිළිගන්න සුදානම් නැති බවකි.

“නෑ අනේ අනිත් ඒවා ඔය විස්සයි විස්ස, ඇල්බට් එකනේ.. මල් පිපෙන්න කියල දාන්නේ අරක තමයි.”

ඔහුගේ දැනුම සහ විශ්වාසය මත තම පිළිතුර සත්‍ය යැයි තහවුරු කිරීමට උත්සහ කලත් අනෙකාගේ මුල් බැස ගත් මතය වෙන එකකි.

“ඔය කීවට හෝමෝන මොනවා හරි දානවා ඇති.අපිට කියන්නේ නෑ ඉතින්. ඒවා ඔයාලගේ රහස්නේ..”

වසර ගණනක සිට එම වගාවේ පොහොර නිර්දේශ කරන මා වත් කිසි දා උපදෙස් නොදුන් හෝමෝන කතාවකින් අමුත්තා දමා ගැසුවේය.

එක් අතකින් ඔහු සාධාරණය. මලින් පිරි ගිය විශාල ඕකිඩ් වගාවක් තුල සිට සිය වගාවේ පැල සමග සිතින් සසඳමින් ඔහු සිතන්නට ඇත්තේ තමන් නොදන්නා විස්මිත රහස් පොහොරක් තිබිය හැකි බවයි.

මෙවන් දෙයක් මා ඇසු මුල්ම වතාව මෙය නොවේ. බොහෝ දෙනෙකු මෙය කෙලින්ම මගෙන්ද අසා තිබේ. මේ ලිපිය ලියන්නට මට සිත් වුයේ බොහෝ දෙනා ආදරය කරන ඕකිඩ් වගාවේ පොදු ගැටලුවකට මා දන්නා දැනුම සහ අත්දැකීම් අනුව ප්‍රතිචාර දැක්වීමටයි.

ඕකිඩ් යනු බොහෝ සංවේදී ශාකයක්. එහි මල් හට ගැනීම පොහොර වලින් හෝ වෙනත් රසායනයකින් විතරක් කරන්න පුළුවන් දෙයක් නොවෙයි. වගාව සැලසුම් කිරීමේ ඉදල ඒක නඩත්තු කරගෙන යන මුළු කාලය පුරාම අපි කරන දේවල් වගේම ස්වභාවික පරිසරයේ දායකත්වයත් එකට බලපානවා.
විවිධ ඕකිඩ් වර්ග වලට අවශ්‍ය පරිසර සාධක විවිධයි. මුලින්ම අපි වගා කරන ඕකිඩ් වර්ගය කැමති මොන වගේ පරිසර තත්වයකටද කියල දැනුවත් වෙන්න ඕනේ. ආර්ථික වගාවක් නම් මේ ගැන ඉතාමත් අවධානයෙන් සිතා බලන්න. විශේෂයෙන්ම උෂ්ණත්වය, සාපේක්ෂ අද්‍රතාව, ආලෝක ප්‍රමාණය වගේ දේවල්. සමහර ඕකිඩ් වර්ග වල මල් පිපිම උත්තේජ වෙන්නේ අදාළ උෂ්ණත්ව වෙනස තිබුනොත් පමණයි. නිසි ප්‍රතිපල ගන්න නම් එය ස්වභාවිකව ලැබෙන්න ඕනේ.ආර්ථික වගාවකදී උෂ්ණත්වය වගේ සාධකයක් කෘතිමව පාලනය කිරීම ලංකාවේ ටිකක් වියදම් අධිකයි.

ඒ වගේම අපි භාවිත කරන රෝපණ ද්‍රව්‍ය වල ගුණාත්මක බව, වගා මාධ්‍ය, හොද වාතාශ්‍රයක් ලැබීම වගේම ජලයේ ගුණාත්මක බවත් වඩා වැදගත්.ඕකිඩ් ගහට සතුටෙන් වැඩෙන්න අවශ්‍ය පරිසර තත්ත්ව ලැබුනම පොහොර නැතත් හොදින් වර්ධනය වෙනවා. අපි පොහොර දීමෙන් අපේක්ෂා කරන්නේ එහෙම වැඩෙන ශාකයට පහසුවෙන් පෝෂක ද්‍රව්‍ය උරා ගන්න පහසු කිරීම. එහිදී ශාකයේ වර්ගය, වයස, ඌනතා ආදී කාරණා සලකමින් අවශ්‍ය පොහොර වර්ගය සහ සාන්ද්‍රතාව තීරණය කරනවා.

උදාහරණයක් විදියට, වයසින් අඩු කුඩා ශාක වලට මුල් ඇදීම වේගවත් කරන්න පොස්පරස් වැඩි පොහොර අනුපාතයකුත්, ඊට පසු නයිට්‍රජන් වැඩි පොහොරකුත් පසුව 20;20;20 වගේ සමබර පොහොර මිශ්‍රණයක් සහ මල් පිපෙන වයසට එලබුණාම සහ ඉන් පසු පොටෑසියම් වැඩි ප්‍රතිශතයක් සහිත K40 / K44 වගේ පොහොරත් නිසි කාල පරතරයකින් ලබා දීම වැදගත්.ඒ වගේම මේ පොහොර ද්‍රාවන සාදා ගත යුතු සාන්ද්‍රණය, පොහොර යෙදිය යුතු දවසේ වෙලාව, යෙදිය යුතු ආකාරය.. මේවා ගැනත් අවධානය යොමු කල යුතුයි. N:P:K ප්‍රධාන පෝෂක වලට අමතරව ක්ෂුද්‍ර මාත්‍රික පෝෂකයන්ද ලබා දීම වර්ධනය,මල් හට ගැනීම සහ ගුනාත්මයට , වගේම ශාකයේ නිරෝගී පැවැත්මට උපකාරී වන බව සිහි තබා ගන්න. (ඕකිඩ් වල පොහොර යෙදීම ගැන අස්වැන්නේ නුදුරේදීම දීර්ඝ විස්තරයක් සපයන්නම්.)

මේක හෝමෝන හෝ වෙනත් නානාප්‍රකාර නම් ඇති රසායනික ගහගෙන කරන විජ්ජාවක් නම් නෙමෙයි. එත් ඕකිඩ් වගාවට යොමු වෙන නවකයින් අමාරුවේ දාන සමහර උපදේශන සහ සමහර වෙළඳ ආයතන මේක විජ්ජාවක් කරගෙන ඉහගෙන කන තත්වයට පත් වෙලා තියෙන බව නම් නොරහසක්.
අස්වැන්න අපි ඔබට උපදෙස් දෙන්නේ මුලින්ම දැනුවත් වෙන්න නිවැරදිව. ඉන් පසුව මුලික තාක්ෂණික කරුණු මග නොහැර ඉවසීමෙන් නිවැරදිව කටයුතු කරන්න. ඔබේ දැනුම ප්‍රමාණවත් නොමැති විට පටු ව්‍යාපාරික අරමුණු නොමැති ප්‍රවීණයන්ගෙන් උපදෙස් ගන්න. එතකොට ඔය කියන විජ්ජාවන් වගේම රහස් ඔබටම හමු වේවි.

හිමිකම් සහ භාවිත කිරීමේ නියමයන්

කතුහිමිකම: © Yaya Agro (Pvt) Ltd සහ © Aswanna Ceylon Agro (Pvt) Ltd. මෙම වෙබ් අඩවිය සහ එහි පිටුවල අන්තර්ගත ඡායාරූප සහ වෙනත් සියඵ තොරතුරු Yaya Agro (Pvt) Ltd සහ Aswanna Ceylon Agro (Pvt) Ltd සමාගම් සතු දේපළ වන අතර ඒවා ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ නීතිය මගින් ආරක්ෂා කෙරේ. මෙහි විධිවිධාන සළසා ඇති පරිදි හැර, Yaya Agro (Pvt) Ltd සහ Aswanna Ceylon Agro (Pvt) Ltd. සමාගම් වල ප්‍රකාශිත ලිඛිත අවසරය ඇතිව මිස වචන, ඡායාරූප, ශ්‍රව්‍ය හා දෘශ්‍ය කරුණු ඇතුලත්ව එහෙත් ඒවාට සීමා නොවෙන පරිදි මේ වෙබ් අඩවියේ කිසිඳු කොටසක් කවර ආකාරයකින් හෝ කවර කාර්යයන් සඳහා හෝ භාවිත නොකළ යුතුය. Yaya Agro (Pvt) Ltd සහ Aswanna Ceylon Agro (Pvt) Ltd සමාගම් වල පූර්ව ලිඛිත කැමැත්ත ලබා නොගෙන මෙම වෙබ් අඩවියේ ඇතුළත් යම් කරුණක් භාවිත කරන්නන් විසින් පිටපත් කිරීම, වෙනස් කිරීම, විකිණීම, බෙදා හැරීම, යොදා ගැනීම, පළ කිරීම, සකස් කිරීම, ප්‍රති නිර්මාණය කිරීම හෝ අන්‍යාකාරයට භාවිත කිරීම නොකළ යුතුය.

අධ්යාපනික අරමුණු සඳහා සාධාරණ භාවිතය සඳහා වන ප්රකාශන හිමිකම් පනතේ 107 වගන්තිය යටතේ සහ 2001 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනත (අංක 12) යටතේ ඇතැම් ඡායාරූප භාවිතා වේ. ඔබේ ඡායාරූප වල හිමිකම් අයිතිය උල්ලංඝනය කර ඇති බව ඔබ සිතන්නේ නම් කරුණාකර අපව අමතන්න.

Close Menu
error: Content is Protected © Yaya.lk