කෝපි වගා කරමු

වර්ෂ 1503 දි අරාබි ජාතිකයන් විසින් ලංකාවට හදුන්වාදුන් කෝපි බෝගය , 1658 දී ඕලන්ද ජාතිකයන් විසින් වගාවක් ලෙස ආරම්භ කරන ලදී. ලංකාව තුල කෝපි වගාවේ ස්වර්ණමය යුගය සනිටුහන් වන්නේ බ්‍රිතාන්‍ය පාලන සමය තුලයි. 1825 දී බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් එකල සිලෝන් ලෙස හැදින්වූ ශ්‍රී ලංකාව තුල වගා කල හැකි සෑම බිම් කඩක් තුලම කෝපි වගාව ව්‍යාප්ත කිරීම ආරම්භ කරන ලදී. එහි ප්‍රතිඵලය ලෙස 1870 වන විට වසරකට පවුම් මිලියන 100 කට අධික වටිනාකමකින් යුතු කෝපි අපනයනය කරමින් ලෝකයේ ප්‍රධානතම කෝපි අපනයනය කරන රට බවට ලංකාව පත්විය. කෝපි වගාව නිසාම රට තුල මහා මාර්ග , දුම්රිය මාර්ග පද්ධති ආදී යටිතල පහසුකම් සංවර්ධනය විය. නමුත් 1870 දී පමණ කෝපි වලට වැළදුන මලකඩ රෝගය සියලුම කෝපි වගාවන් පාහේ විනාශ කල නිසා ඉන්පසු කෝපි වගා භූමි තේ සහ රබර් වගා බවට පරිවර්තනය විය. ලෝකය පුරා දිනකට කෝපි කෝප්ප බිලියන 2 කට වැඩියෙන් පානය කරන අතර බොරතෙල් වලට පසු වැඩිම වෙළද අගයක් හිමිවෙන්නේ කෝපි වලටයි.

කෝපි ප්‍රබේද

ආර්ථික වැදගත්කමින් යුක්ත ප්‍රධාන කෝපි විශේෂ 03ක් ඇත. මේ වන විට ලෝකයේ කෝපි නිෂ්පාදනයෙන් 70% ක් පමණ සපයන්නේ ඇරබිකා කෝපි විශේෂයෙනි. ශ්‍රී ලංකාවේ ඉහල උච්චත්ව ප්‍රදේශ  වල වගාකරන ඇරබිකා කෝපි සදහා ඉහල ඉල්ලුමක් පවතී.

ඇරබිකා ප්‍රබේද ( Coffea arabica )     –           H9, HDT, සැන්රාමන්, ලක් පැරකුම්, ලක්සවිරු

රෝබුස්ටා ප්‍රබේද ( Coffea robusta ) –           IMY, S274, GCR

ඇරබිකා වර්ගය 

රොබුස්ටා වර්ගය

කෝපි වගා කිරීමට සුදුසු පාරිසරික තත්ත්ව

මුහුදු මට්ටමෙන් මීටර 600 – 1000 අතර ඉහල උච්චත්ව ඇරබිකා කෝපි වගාකිරීමටත් , රොබුස්ටා වර්ගය මුහුදු මට්ටමේ සිට මීටර 900 දක්වා සහ තෙත් ප්‍රදේශවල වගා කිරීමටත් නිර්දේශ කරනු ලැබේ.

  • සාමාන්‍ය උෂ්ණත්වය ,    –   ඇරබිකා වර්ගය සදහා  – 180 – 240

                                                  –   රොබුස්ටා වර්ගය සදහා – 270  – 290            

  • හොදින් ජලවහනය වන හියුමස් බහුල ලැටසෝලික් පස් වඩාත් සුදුසුය.
  • තද සුළග නොමැති වීම, සුළං වැටි මගින් කෝපි වගාව ආරක්ෂා කල හැක.
  • පැතිරුණු වාර්ෂික වර්ෂාපතනය මි.මි. 1500 – 2750.
  • පසේ pH අගය 5 – 6.5 අතර පැවතිය යුතුය. තද ආම්ලික ගතියෙන් යුක්ත පස් වලට ඩොලමයිට් එකතු කිරීමෙන් pH  අගය ගලපාගත හැක.
  • කෝපි මල් හටගෙන සති 12 ක් යන තෙක් ලැබෙන ඒකාකාර ජල සැපයුම මත කෝපි වල ඵල පිහිටීම සහ ඵල වර්ධනය තීරණය වන බැවින් පාංශු ජාල සංරක්ෂණය , සෙවන සැපයීම , වසුන් යෙදීම , ජාල සම්පාදනය ගැන සැලකිලිමත් විය යුතුය.

ප්‍රචාරණය

කෝපි බිජ වලින් , අතු කැබලි මගින් හෝ බද්ධ ක්‍රම මගින් ප්‍රචාරණය කල හැකි නමුත් බීජ මගින් ප්‍රචාරණය කිරීම පහසු මෙන්ම ලාභදායී වේ. ඉහල අස්වැන්නක් පවතින , මලකඩ රෝගයෙන් තොර ශාකවලින් ලබාගත් හොදින් ඉදුණු කෝපි බීජ වල පොත්ත ගලවා ලී කුඩු සමග මිශ්‍රකර දින 06ක් පවනේ වියලා ගත යුතුය. ඉන්පසු වැලි තවානක පැල කිරීම සදහා යොදාගත හැකි අතර බිජ පැල වී බොත්තම් අවස්ථාව හෝ බීජ පත්‍ර අවස්ථාවේදී රෝපණ මාධ්‍ය පිරවූ පොලිතින් බෑග් වලට මාරු කල යුතුය. කල්යාමේදී බිජයේ පැළවීමේ හැකියාව ක්‍රමයෙන් අඩුවන නිසා හැකි සෑම විටම අලුත් බීජ තෝරාගැනීම වැදගත් වේ.

වළවල් සෑදීම සහ පැළ සිටුවීම

තනි වගාවක් ලෙස කෝපි සිටුවිය යුතු පරතරය , ඇරබිකා – මීටර 1.8 * මීටර 1.8

                                                                                           ( හෙක්ටයාරයට පැල 3000 )

                                                                                                                                                                                                                                                                        රොබුස්ටා – මීටර 2.5 * මිටර 2.5

                                                                                           ( හෙක්ටයරයට පැල 1600 )

සෙ. මී. 45*45*45 ප්‍රමාණයට සැකසු වලවල් කාබනික පොහොර , මතුපිට පස් මිශ්‍රණයකින් පිරවිය යුතුය. එක වලකට රොක් පොස්පේට් ග්‍රෑම් 100ක් යෙදිය යුතුය.  රිකිලි තේ වගාවක අරාබිකා විශේෂ වගා කරන විට තේ පේලි පහෙන් පහට පැල අතර පරතරය මීටර 4ක් සිටින සේ හෝ පාළු ස්ථාන වල සෙවණ ශාකය ලෙසට සිටුවිය යුතුය. වර්ෂා කාලය ආරම්භයත් සමග පැල සිටුවීම යෝග්‍ය වේ.

සෙවණ පාලනය

පරිසරයේ වෙනස්වීම් කෝපි ශාකයේ අස්වැන්නට තදින් බලපාන බැවින් කෝපි වගාව රැකබලා ගැනීමේදී සෙවන පාලනය ප්‍රවේශමෙන් කල යුතුය. සෙවන 35% පමණ සැපයීම සදහා ග්ලිරිසීඩියා , එරබදු  සහ ඇල්බීසියා යන ශාක යොදාගත හැකිය. අතරමැදි කලාපයේ අධික සෙවනක් අවශ්‍ය වන අතර ඉහළ උච්චත්ව වලදී සෙවණ රහිතව වුවද සාර්ථකව වගාකළ හැක.           

පොහොර යෙදීම

වැඩුණු ගසකට යූරියා : රොක් පොස්පේට් : මියුරේට් ඔෆ් පොටෑෂ් : කිසරයිට් , බර අනුව 4 : 5 : 3 : 1 අනුපාතයට මිශ්‍ර කර ගත යුතුය. ඇරබිකා වර්ගයේ පැලයකට ග්‍රෑම් 200 ක් බැගින් යල සහ මහා කන්නවලදී සහ රෝබුස්ටා පැලයකට ග්‍රෑම් 350 ක් බැගින් යල සහ මහ කන්නවලදී යෙදිය යුතුය.

අස්වනු නෙලීම

කෝපි අස්වනු නෙලීම වාර කිහිපයකදී කල යුතුය. හොදින් ඉදුණු ගෙඩි පමණක් නෙලා ගැනීම කල යුතුය. පරිනත හොද ගෙඩි පමණක් නෙලා ගැනීමෙන් නිෂ්පාදිත කෝපි වල ගුණාත්මය වැඩි වේ.

කප්පාදු කිරීම

කෝපි ගසක් උපරිම වශයෙන් මීටර 2 කට වඩා උසකින් නඩත්තු කිරීම නුසුදුසු වන්නේ අදාළ වගා පිළිවෙත් ඇතුළු අස්වැන්න නෙලිමද අපහසු වන බැවිනි. ගස මීටර 2 ක් උස වන විට අග්‍රස්ථ අංකුරය ඉවත් කරන තනි කදන් කප්පාදු ක්‍රමය වඩා සුදුසුය. ශාකය දුර්වල වී ඇත්නම් පොළොවේ සිට සෙ. මී. 15 – 20 ක් ඉහලින් අංශක 45 ආනතියට ප්‍රධාන කද කපා ඒ කැපුම් මුහුණත මත දිලිර නාශකයක් හෝ තාර වැනි දෙයක් ආලේප කර අලුතින් පැන නගින එක සිරස් අත්තක් අලුත් ශාකයක් මෙන් වැඩෙන්නට සැලැස්විය යුතුය. පසුව මතුවන සියලු රිකිලි ඉවත් කල යුතුය.

හිමිකම් සහ භාවිත කිරීමේ නියමයන්

කතුහිමිකම: © Yaya Agro (Pvt) Ltd සහ © Aswanna Ceylon Agro (Pvt) Ltd. මෙම වෙබ් අඩවිය සහ එහි පිටුවල අන්තර්ගත ඡායාරූප සහ වෙනත් සියඵ තොරතුරු Yaya Agro (Pvt) Ltd සහ Aswanna Ceylon Agro (Pvt) Ltd සමාගම් සතු දේපළ වන අතර ඒවා ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ නීතිය මගින් ආරක්ෂා කෙරේ. මෙහි විධිවිධාන සළසා ඇති පරිදි හැර, Yaya Agro (Pvt) Ltd සහ Aswanna Ceylon Agro (Pvt) Ltd. සමාගම් වල ප්‍රකාශිත ලිඛිත අවසරය ඇතිව මිස වචන, ඡායාරූප, ශ්‍රව්‍ය හා දෘශ්‍ය කරුණු ඇතුලත්ව එහෙත් ඒවාට සීමා නොවෙන පරිදි මේ වෙබ් අඩවියේ කිසිඳු කොටසක් කවර ආකාරයකින් හෝ කවර කාර්යයන් සඳහා හෝ භාවිත නොකළ යුතුය. Yaya Agro (Pvt) Ltd සහ Aswanna Ceylon Agro (Pvt) Ltd සමාගම් වල පූර්ව ලිඛිත කැමැත්ත ලබා නොගෙන මෙම වෙබ් අඩවියේ ඇතුළත් යම් කරුණක් භාවිත කරන්නන් විසින් පිටපත් කිරීම, වෙනස් කිරීම, විකිණීම, බෙදා හැරීම, යොදා ගැනීම, පළ කිරීම, සකස් කිරීම, ප්‍රති නිර්මාණය කිරීම හෝ අන්‍යාකාරයට භාවිත කිරීම නොකළ යුතුය.

අධ්යාපනික අරමුණු සඳහා සාධාරණ භාවිතය සඳහා වන ප්රකාශන හිමිකම් පනතේ 107 වගන්තිය යටතේ සහ 2001 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනත (අංක 12) යටතේ ඇතැම් ඡායාරූප භාවිතා වේ. ඔබේ ඡායාරූප වල හිමිකම් අයිතිය උල්ලංඝනය කර ඇති බව ඔබ සිතන්නේ නම් කරුණාකර අපව අමතන්න.

Close Menu
error: Content is Protected © Yaya.lk